අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියේ සිට මීටර් 500ක් ඇතුළත කෙරෙන සියලු ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසද ජය ශ්රී මහා බෝධීන් වහන්සේට හෝ අවට පරිවාර බෝධීන් වහන්සේලාගේ පැවැත්මට හානි වන අන්දමේ කිසිදු ඉදිකිරීමකට ඉඩ නොතබන ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර නගරාධිපතිවරයාට උපදෙස් ලබාදුන්නේය.
බෝ සමිඳුන් වැඩසිටින පරිශ්රයේ ඉදි කෙරෙමින් පවතින රථගාල හේතුවෙන් සිදුවන හානිය පිළිබඳව මාධ්යර මගින් පසුගියදා පළවූ වාර්තා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
තවද ඉදි කෙරෙමින් පවතින මෙම රථගාල ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියසින් මීටර් 500ක් ඈතට ගෙන යන ලෙසද, ඒ අවට කලාපයේ පරිහරණයට විදුලි බලයෙන් ක්රියාත්මක වන වාහන පමණක් යොදාගන්නා ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.