ශ්‍රී පාදයේ කඩා වැටුණු කුණු ඉවත් කිරීමට හමුදා භට පිරිස්
හැටන් ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයට ශ්‍රී පාද උඩමලුවේ සිට පහළට කඩාගෙන විත් පියගැට පෙළේ රැදි ඇති කැළි කසළ සහ පස් කන්ද ඉවත් කිරිම සඳහා යුද හමුදා භටයින් හතලිස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් දින තුනක් (22දා සිට) ශ්‍රී පාද උඩමලුවේ සථාන ගත කිරිමට කටයුතු කර තිබේ.
දහනව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුලුවේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩී. ගුණවර්ධන මහතා පැවැසුවේ මෙම භට පිරිස් අතර නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ හා දහ නවවන ශ්‍රී ලංකා ජාතික බල මුලුවේ භට පිරිස් සිටින බවයි.
එම කැළි කසල කන්ද සහ කඩා වැටි ඇති පස් කන්ද ඉවත් කිරිමට ගතවු දින කිහිපය තුළ නල්ලතන්නිය පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිස් සහභාගීවූ බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ මහතා පැවැසීය.
පියගැට පෙළේ ඇති කැළි කසල කන්ද සහ පස් කන්ද ඉවත් කිරිමට දින ගණනාවක් ගතවන බවද ස්ථනාධිපතිවරයා පැවැසීය. ශ්‍රී පාද වන්දනාකරුවන් විසින් උඩ මලුවට රැගෙන ගොස් මුදාහැර තිබූ පොලිතින්, ප්ලාස්ටික්, ඝන අපද්‍රව්‍ය සහ කැළි කසල තොගයෙක් මෙසේ ඉකුත් 14දා දා පහළට කඩා වැටුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











