ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් මස 12 දා ඇරඹේ
2017/2018 ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පොහෝ දිනෙන් (12දා) ආරම්භ කිරීමට නියමිතය. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව දේව ආභරණ සහ සමන් දේව ප්රතිමාවන් පෙරහැරවල් තුනක් ලෙස බළන්ගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගයෙ ඔස්සේත් පෙරහරවල් දෙකකින් නල්ලතන්නිය වෙත වඩම්මවීමට නියමිතය.
ඉන් අනතුරුව එම පෙරහරවල් දෙකෙන්ම වඩම්මන සමන් දේව ප්රතිමාවන් සධාතුක කරඬුව සහ දේව ආභරණ නල්ලතන්නියේ සිට දෝළාවකින් ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කිරීමට කටයුතු යොදා තිබේ. මේ අතර තවත් පෙරහරක් රත්නපුර රජමාවත ඔස්සේ ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කර එම සියලු මාර්ග ඔස්සේ වැඩමකරවු සධාතුක කරඬුව සහ දේව ආභරණ උදුවප් පොහෝ දින ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී ශ්‍රීපාදයට හෝ බෞද්ධ දර්ශනයට අගෞවරයක් වනසේ කිසිදු අයෙකුට කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට අද (10දා) නල්ලතන්නියේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


