ශ්‍රී පාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදිනොවන බවත් ශ්‍රී පාදස්ථාන භූමියට පහලින් පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා අදාළ වගකිවයුතු ආයතනවලින් අවසර ලබාගෙන ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
ඊට විරුද්ධ වීමට තමන්ට හැකියාවක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේ මෙවර ශ්‍රීපාද වන්දනා වාරය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද නල්ලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ මරේ දිය ඇල්ල ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා අවසර ලබාදී ඇති බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අඹගමුව ප්‍රාදේශීය ලේකම් එස්.සරවනන් මහතා සඳහන් කළේය.