Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
එලෙස විකල්පයක් නොමැති යැයි ඔබ සිතා සිටිනා මෙම ආබාධ තත්ත්වය මඟහරවා ඔබේ දරුවා සාමාන්‍ය දරුවෙකු මෙන් කතාබහ කරන තත්ත්වයකට ගෙනෙමින් ඔහුව හෝ ඇයව අනෙක් දරුවන් මෙන් සමාජයේ ඉහළ තැනකට ගමන් කිරීමට අත්වැල සපයන ආයතනයක් මෙරට තිබෙනවා යැයි පැවසුවහොත් ඇතැම් විට දෙමාපියන්ට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. කෙසේනමුත් අවුරුදු 33කට වැඩි කාලයක් පුරා පවත්වාගෙන යන මෙම ආයතනය මෙරට එකම ප්‍රජා පාසල යනුවෙන්ද නම් කළ හැකිය.
1982 වර්ෂයේ මැයි 31 වැනි දින රාගම ශාන්ත ජෝසප් බිහිරි පාසලේදී ආරම්භ වුණ මෙම ශික්ෂණ මධ්‍යස්ථානය පසුව 1983 වර්ෂයේ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ සායනය තුළ ක්‍රියාත්මක විය. එලෙස ක්‍රමයෙන් දියුණු වූ මෙම ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන් හා ග්‍රේටා නාලවත්ත පැබැඳි සොයුරිය එය විධිමත් ආයතනයක් ලෙස ආගමික, ජාති භේද හා දේශපාලනයෙන් තොරව කැලණිය දළුගම, ලුම්බිණි මාවතේ, අංක 31/1 දරණ ස්ථානයේදී ගොඩනැගෙන්නේ 1992 වර්ෂයේ ජර්මනියේ මිසරෙයෝ ආයතනයේ ධන පරිත්‍යාගයෙනි.
1990 වසරේ පුණ්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද මෙම ආයතනයේ වත්මන් අනුශාසකවරුන් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් හා මහාචාර්ය ඇලෝයි පීරිස් පියතුමාණන් වීමද විශේෂත්වයකි. එමෙන්ම මෙහි සභාපති ධුරය කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා විසින් දරනු ලබයි.
වර්තමානයේ ළමුන් සියයට අධික පිරිසක් මෙම ආයතනයේ ඉගෙනුම ලබන අතර, ඒ සියල්ල නොමිලේ සිදුකිරීම විශේෂත්වයකි.
දරුවෙකුට කථනය අහිමි වන්නේ ශ්‍රවණයට ඇති බාධාවන් නිසා බව හඳුනාගෙන ශ්‍රවණයට ආධාර කරමින් සිදුකෙරෙන නව ඉගැන්වුම් ක්‍රමවේදයක් හරහා මෙම ආයතනයේදී ළමුන්ට ඉගෙනුම් සිදුකරයි. ග්‍රේටා කන්‍යා සොහොයුරිය 1981 වර්ෂයේ ජපානයට ගොස් ලද පුහුණුවකට අනුව මෙම ඉගැන්වීම් ක්‍රමවේදය සිදුකරයි.
එම පුහුණුවෙන් පසු ඇය විසින් 1991 වර්ෂයේ එංගලන්තයේ මැන්චෙස්ටර් සරසවියෙන් ලද ශ්‍රවණූන දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්හි Hear and Say මධ්‍යස්ථායෙන් ලද ශ්‍රවණ - වාචික සුබසාධනය පිළිබඳ උපාධියත් ආදියෙන් ලද දැනුම මත මෙම ආයතනයේ භාෂණ හැකියාවන් දරුවන්ට ප්‍රගුණ කිරීම සිදුකෙරෙයි.
අවුරුදු දෙකත් තුනත් වයසේ පසුවන දරුවන්ව ශ්‍රවණ හා කථන ආභාසය හරහා අවුරුදු පහ සම්පූර්ණ වන විට සාමාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට හැකි දරුවෙකුගේ මට්ටමට ඔවුන්ව ශික්ෂණයට පත්කිරීම මෙහිදී සිදුකරනු ලබයි. එසේම එයින් නොනැවතී මෙම දරුවන් උසස් අධ්‍යාපනය නිම කරනතුරුම මෙම ආයතනයේ මඟපෙන්වීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ලබාදෙයි.
ඒ සඳහා පුහුණුව ලත් ආචාර්යවරුන්ගේ සේවය සවස් කාලයේ මෙම මධ්‍යස්ථානය තුළදී ලබාදීමට කටයුතු යොදා තිබෙයි. මේ මහත් කැපවීම හේතුවෙන් ශ්‍රවණූන ශික්ෂණ මධ්‍යස්ථානය උපාධිධාරීන් 8 දෙනෙකු 2013 වර්ෂය වන විට බිහිකර තිබෙයි. ඒ වෙනුවෙන් මහත් ලෙස කැපවෙන මෙම මධ්‍යස්ථානයේ මූලික ප්‍රතිපත්ති පහක් වෙයි.
මෙම ආයතනය රජයටවත්, පෞද්ගලික ආයතනයකටවත් අයිති නොවන්නක්. භාරකාර මණ්ඩලයකින් නොමිලේ පවත්වාගෙන යන දෙමාපියන් විසින් අවශ්‍ය තීරණ සාමූහිකව සාකච්ඡා කර ක්‍රියාත්මක කරන ආයතනයක්. නැත්නම් ප්‍රජා පාඨශාලාවක් ලෙස මෙම ආයතනය හඳුන්වන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් මෙය ලංකාවේ පළමු ප්‍රජා පාඨශාලාවයි. අපේ රටේ ඉපදෙන හැම ළමයෙක්ටම අධ්‍යාපනයේ උරුමයක් තිබෙනවා. ඒ අධ්‍යාපනය නිදහසේ භුක්ති විඳීමටත් ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඒ නිසාම අපි ලංකාවේ හැම ප්‍ර‘දේශයකින්ම පාහේ මෙම ආයතනයේ පිහිට පතාගෙන එන දරුවන්ගෙන් සතයක්වත් අය කරන්නේ නැහැ.
මෙය සත්‍යවශයෙන්ම අධ්‍යාපන ආයතනයක් ලෙස නොව ශික්ෂණ මධඨ්යස්ථානයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය පාසලකින් බැහැරව සම්පූර්ණ සතියම මේ දරුවන්ට පුහුණුවීම් මෙම ආයතනය තුළ සිදුකෙරෙනවා. මේ ළමුන්ට කුඩා කාලයේ සිටම අන්තර් ආගමික සංහිදියාව පිළිබඳ වැටහීම ලබාදෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔවුන් අදහන ආගම අනුව, කලාව අනුව, ක්‍රීඩාව අනුව ශික්ෂණය ලබාදීමයි සිදුකරන්නේ.
ඒ වගේම මෙහි අධ්‍යාපන කටයුතු පවුල සම්බන්ධ කරගෙනයි සිදුවෙන්නේ. ඇත්තටම මේ වගේ අබාධ සහිතව උපදින දරුවන් බිහිරෙක්, ගොළුවෙක් ලෙස හඳුන්වා නොදී ඔවුන්ට ශ්‍රවණය හා කථනය වෙනුවෙන් පුහුණුව ලබාදීමයි සිදුවිය යුත්තේ. ඇත්තටම මේ වගේ ආයතන රජයේ මැදිහත් වීමකින් රටේ විවිධ ප්‍ර‘දේශවල ඇති කිරීමයි සිදුවිය යුත්තේ.
“මේ ආයතනයට මම සම්බන්ධ වුණේ මගේ ඥාතියෙකුගේ දරුවෙකු මෙම මධ්‍යස්ථානයේ පිහිට ලබන බව ආරංචි වීමෙන් කළ සෝදිසි කිරීමකින්. එහිදී මම දැනගත්තා ග්‍රේටා පැවිදි සොහොයුරිය කතා කරන්න අපහසු දරුවන්ට නව ක්‍රමවේදයක් හරහා පුහුණුව ලබාදෙන බව. ඔවුන්ගේ උත්සවයකදී මෙහි පුහුණුව ලබන දරුවෙකු පිළිගැනීමේ කතාව කරනවා දැකලා මගේ ඇස්වලට කඳුළු ආවා වගේම ඔහු කළ කතාව අදටත් මට වචනයක් වචනයක් පාසා මතකයි. ඉතින් මේ ආයතනයේ කටයුතු කෙරෙහි මගේ දායකත්වය ලබාදීමට තීරණය කළා. මෙම ආයතනයේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් කිසිම භේදයකින් තොරව ඉගෙනුම ලබනවා. මෙවැනි ආයතන රැකගෙන ඉදිරියට පවත්වාගෙන යෑමයි වැදගත්. ඕනෑම කෙනෙක්ට මේ ආයතනයට ඇවිත් සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද කියලා දෑසින්ම දැක බලාගත හැකියි.
ශ්‍රවණූන දරුවොත් සෙසු දරුවන් මෙන් හැඟීම්, ආශාවන්, අභිලාසයන් හා පැතුම් රාශියක් පොදි බැඳගෙන ජීවිත ගමන නැමති අභියෝගයට මුහුණ දීමට ආශාවෙන් සිටින අයයි. නමුත් මෙම ජීවිත ගමනේදී ඔවුනට මුහුණ දෙන්නට සිදු වී තිබෙන විශාලම ගැටලුව තමයි ශ්‍රවණ ඌණතාවය සහ ඒ නිසාම උරුම වූ වාචික සන්නිවේදන අපහසුතාවය. ශ්‍රවණ ඌණතාවය ඇති වූ නිසාම දරුවෙකු ආබාධිතයෙකු, දුබලයෙකු හෝ මන්දබුද්ධිකයෙකු ලෙස හංවඩු ගැසීම අසාධාරණයි. ශ්රවණූනයෙකු වීම යනු දරුවෙකු බුද්ධී හීනයෙකු වීම නොවේ.
මෙම දරුවොත් බුද්ධිමත් අය වන අතර, මහත් දේ කළ හැකි විවිධාකාර කුසලතාවයන්ගෙන් සපිරි වූවන්. අපි කිසිවෙක් අංග සම්පූර්ණ පුද්ගලයන් නොවන බව අපි දන්නවා. අපි හැමදෙනාම මරණය තෙක් වෙර දරනුයේ අංග සම්පූර්ණ පුද්ගලයන් වීමටයි. ශ්‍රවණූන දරුවාත් එසේමයි. ඔවුන් මුළු ජීවිත කාලය පුරාම තම දුබලතාවයෙන් මිදීමට මහත් පරිශ්‍රමයක් දරනවා. ඇත්තෙන්ම ශ්‍රවණ ඌණතාවය නොහැකියාවක් නොවේ. එය ජයගත හැකි අභියෝගයක්.
ශ්‍රවණූන දරුවා ඇසීම නොමැති කෙනෙකු නෙවේ. ඇසීම අඩු දරුවෙක්. සම්පූර්ණයෙන්ම ශ්‍රවණය නොවන දරුවන් මේ ලෝකයේ ඇත්තෙන්ම නැති තරම්. ඇත්නම් එය ඉතාමත් කලාතුරකින්.
ශ්‍රවණූන දරුවාටත් අනෙක් ඇහෙන ළමයින්ට වගේම නිදහසේ ජීවත් වීමට, ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගැනීමට එම දක්ෂතාවයන් දියුණු කිරීමට, රටට ප්‍රයෝජනවත් පුරවැසියෙකු වී නිර්මාණාත්මකව රටෙහි සංවර්ධනය සමග සමාජ සුභසිද්ධියට දායක වීමට අයිතියක් තිබෙනවා.
ඔහුගේ ශ්‍රවණ ඌණතාවය මෙම අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරන ඉලක්කයන් කරා ළඟා වීමට බාධාවක් වෙලා තිබෙනවා. මෙම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට අන් අයගේ (මව්පියන්, ගුරුවරුන්ගේ, විශේෂඥයන්ගේ හා අධ්‍යාපනය පිළිබඳ වගකිවයුත්තන්ගේ) උදව් බෙහෙවින් අවශ්‍යයයි. ඔවුන් හට ස්වෝත්සාහයෙන් මෙම අපේක්ෂාවන් කරා ළඟා වීම අපහසුයි. එසේම ලංකාව වැනි රටක ශ්‍රවණූන දරුවන් හට තම අයිතිවාසිකම් පිළිබඳ ලොවට හඬනගා ප්‍රකාශ කිරීමට තවමත් අවස්ථාවක් උදාවෙලා නැහැ.
එසේම ශ්‍රවණූන දරුවා නිරන්තරයෙන්ම වෙර දරන්නේ තමාගේ ශේෂ ශ්‍රවණයන් උපරිම ප්‍ර‘යෝජන ගැනීමටයි. තමාගේ සිතේ තිබෙන අදහස් උදහස් වාචිකව ප්‍රකාශ කිරීමටයි. මෙහිදී අවධාරණය කරගත යුතු දෙයක් වන්නේ හැකි ඉක්මනින් හැකි තරම් දරුවාට ශබ්ද අත්දැකීමට සලස්වන්නේ නැතිව ශ්‍රවණූන දරුවෙකුට භාෂාව වර්ධනය කරගැනීමට නොහැකි බවයි. එම නිසා නවීන තාක්ෂණය හැකිතරම් උපයෝගී කරගෙන ශ්‍රවණූන දරුවන් ඇසිය හැකි, කතා කළ හැකි නිර්මාණාත්මක, ප්‍ර‘යෝජනවත් යහපත් පුද්ගලයන් කිරීමට අපි අත්වැල් බැඳගත යුතුයි.
මෙම ආයතනය 100% ක්ම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබාදෙන ස්ථානයක්. අවුරුදු 2න් හෝ 3න් මෙයට ඇතුළත් වී, අවුරුදු 5 සම්පූර්ණ වන අවස්ථාවේ ශ්‍රවණූන දරුවා එම වයසේ සාමාන්‍ය දරුවෙකු සේ ඒකීයකරණය සිදුකරනවා. නමුත් මේ ඌණතාව නිසා මේ දරුවන්ට උදව් කිරීමට අවශ්‍යයි. පාසලට ඇතුළත් වුණා කියලා අපි දරුවව අතහරින්නේ නෑ. මොවුන් විශ්වවිද්‍යාලයට ප්‍ර‘වේශය ලබන තුරුම අපේ සේවය ලබාදෙනවා.
මේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් භාරකාර මණ්ඩලය මාසයකට ලක්ෂ හතරකට අධික වියදම් දරනවා. වර්තමානය වෙනකොට ධානපතින්ගේ දායකත්වය මේ සඳහා අවශ්‍ය වී තිබෙනවා. මොකද පවතින ආර්ථික තත්ත්වය අනුව ගුරුභවතුන්ගේ වැටුප් ගෙවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සිදුවෙනවා. ඒ නිසා අපි විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. ධානපතීන්ගේ අවධානය මේ වෙනුවෙන් යොමුකරගන්නට. මාසයකට රුපියල් දාහක් වැනි මුදලකින් හෝ මෙම ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් දායකත්වය ලබාදිය හැකියි. ඊට පෙර මෙම ආයතනයෙන් සිදුවන සේවය දෑසින් දැක බලාගන්න ආරාධනා කරනවා.
වචනයෙන් වචනය එකතු කර ඔවුන් හඬ ලොවට ඇසෙන්න දායකත්වය දක්වන ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයට උපකාර කිරීමට ඔබටත් හැකියාවක් පවතින අතර, ඒ සඳහා කඩවත ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 512325 දරණ ගිණුම් හරහා මුදල් තැන්පත් කිරීමට හෝ 0112910623 දරන දුරකථන අංකයෙන් විමසීම හෝ සිදුකළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd