හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට ඇප ලබා දීමට කොළඹ අලුත් කඩේ උසාවිය අද (27දා) තීරණය කළේය.
ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥයින් මෝසමක් මගින් ඊයේ (26දා) ඇයට අැප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ අනුව, රුපියල් 15000 ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරිර ඇප 02 ක් හා සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්වරයා ඉදිරියේ පෙනිසිටින ලෙසට ඇයට කොන්දේසි ඉදිරිපත් කළේය. නඩුව නැවත මාර්තු මස 15දා කැඳවිමට නියමිතය.