පාකිස්තානයේ කරච්චි නුවර සිට කුරියර් සේවය හරහා ශ්‍රී ලංකාවට ආනයනය කළ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක තිබී මත් කුඩු ග්‍රෑම් 132 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව අද (06 දා) සමත්ව තිබේ.
මෙසේ ගෙන්වන ලද ශල්‍ය වෛද්‍ය උපකරණ 30 කින් උපකරණ 22 ක් තුළ තිබී මෙම මත්කුඩු ග්‍රෑම් 132 සොයාගෙන තිබේ.
කොළඹ 10 ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු නමට මෙම පාර්සලය එවා තිබෙන අතර, පසු අදාළ කාන්තාවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් තිබේ.
සොයාගනු ලැබූ කුඩු ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 7 ක් පමණ වන බව රේගුව පවසයි. රේගුවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම ශල්‍ය උපකරණ තොගය පරීක්ෂා කිරීමෙන් පසු මෙම කුඩු තොගය සොයාගෙන තිබේ.
.jpg)
.jpg)
ඡායාරූප ඉසුරු පෙරේරා