වොල්ක්ස් වැගන් වාහන එකලස් කිරීමේ කාර්මාන්ත ශාලාව සඳහා ලබන වසරේ ජනවාරි මසයේදී කුලියාපිටියේදී මුල්ගල් තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (17දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ පොරෝන්දුවක් ද වු මෙම වොල්ක්ස් වැගන් සමාගම සඳහා කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ ලබුගම්යාය ප්‍රදේශයේ අක්කර 50 ක ඉඩමක් වෙන්කර ගැනීමට හැකිවු බවඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.