වොක්ස්වැගන් කර්මාන්තශාලාවට ඉඩම් වෙන් කරයි
- 13 09 2016
- 19:05
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් කුලියාපිටියේ පිහිටුවනු ලැබීමට යෝජිත වොක්ස්වැගන් මෝටර් රථ කම්හල ඉදිකිරීමට මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් කුලියාපිටිය, ලබුයාය ප්‍රදේශෙයේ පිහිටි මහා නුගලන්ද වත්තෙන් අක්කර 30 භූමි ප්‍රමාණයක් වෙන්කොට ඇති බව කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පවසයි.
එම ඉඩම් කොටස, ඉඩම් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයකින්, කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාරයට පත්කොට ඇති අතර එහි තක්සේරු වටිනාකමින් ¼ ක් ඉඩම් පනත ප්‍රකාරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිණුමෙහි තැන්පත් කරනු ලැබ ඇති බවද පැවසේ.
කුලියාපිටිය - චාමර විමලරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
