වෛරස් උණ ගැන සෙවීමට තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණට
දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දිනවල එම ප්‍රදේශවල සංචාරය කරමින් මෙම රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීය.
එමෙන්ම අද (21දා) දිනයේද තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21දා) පැවැත්විණි.
එහිදී දකුණු පළාතේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටතීරණය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


