ප්‍රවාහන, අනතුරු හා නිදිබාධක දීමනා ලෙස වෛද්‍යවරුන්ට තවත් රුපියල් 15,000 ක් ලබාදීමට සැලසුම්කර තිබෙන බවත්, මේ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සාපේක්ෂව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවලටද එම දීමනාව ලබාදිය යුතු බවත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීයමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
වෛද්‍යවරුන්ට සාපේක්ෂව මෙම සේවාවල සේවය කරන සේවකයන්ටද දීමනාව ලබාගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බවත්, එහෙත් එයට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා වැඩ වර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු සමන් ජයසේකර මහතා සඳහන් කළේය.
වැඩ වර්ජනය සිදුකරන දිනය සහ සිදුකරන්නේ අඛණ්ඩ වැඩ වර්ජනයක්ද, සංකේත වැඩ වර්ජනයක්ද යන්න අද (04දා) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පවසා සිටියේය.
වැඩ වර්ජනයට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීයමය සේවා ශ්‍රේණි 17 ක 45,000කට අධික සේවක පිරිසක් එක්වන බවද කැඳවුම්කරු සඳහන් කළේය.