රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නොතකා තමාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට නඩු පැවරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා මුහුණදීමට තමන්ද සූදානම් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ පිළිබඳව වගබලා ගත හැකි බවත්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට ගත් තීරණයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට නඩු පවරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.