වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 25 ක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (24දා) නඩු පැවරීය.
චෝදනා 12 ක් යටතේ විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මෙලෙස නඩු පැවරීය.
මෙලෙස නඩු පවරන ලද්දේ නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ධම්මික මහතාට සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චිත්රසිරි සුගතපාල මහතාට එරෙහිවය.
2015 නොවැම්බර් 11 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ නාරාහේන්පිටදී ව්‍යාපාරිකයෙකු වන වෛද්‍ය ශාන්ත ලොකුබණ්ඩාර මහතාගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවට විත්කරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත. ඒ අනුව එම අල්ලස් මුදල ඉල්ලීම, ඉන් රුපියල් ලක්ෂ 25 ක මුදල් ලබාගැනීම, ඒ සඳහා අධාර අනුබල දීම ඇතුළු චෝදනා 12 ක් විත්කරුවන්ට එරෙහිව නඟා ඇත.
මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම්දී ඇත.