වෛද්‍ය සංගම් සභාපතිට හෙද සංගමයෙන් අභියෝගයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට වෙන වැඩක් නැත්නම් වකුගඩු විකිණීමේ ජාවාරම මැඬලීමට එක්වන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (28දා) ආරාධනාවක් කළේය.
වසරකින් කප්පාදු කළ සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධිය යළි ලබාදෙන ලෙසට රජයට බලකරමින් අද දහවල් කොළඹ ජාතික රෝහල අසලන් ගමන් අරඹා, කොටුව දුම්රියපොළ අසලින් අවසන් වූ විරෝධතා පා ගමන අවසානයේ හෙතෙම මෙම අදහස් දැක්වීය.
“සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට උඩගෙඩි දෙමින් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය නැති කරන්නට හදන්නේ අනුරුද්ධ පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් එහෙම කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න එකම උපාධිධාරීන් ඔවුන් පමණක් බව කියන්නයි. ඒකයි සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කරන්න සහාය දෙන්නෙ. අනුරුද්ධ පාදෙනියට අපි කියන්නෙ කරන්න වෙන වැඩක් නැත්නම් වකුගඩු විකුණන ජාවාරම් ගැන පරීක්ෂණයක් කරන්න අප සමග එකතුවෙන්න කියලයි. එහෙම නැතිව මාෆියාවක් හදාගෙන, ත්රස්තවාදීන් විදියට වැඩ කරන්න හදන්න එපා” යැයි සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පවසා සිටියේය.
	.jpg) 
	.jpg) 
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                