පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා හෙට (21දා) වෛද්‍ය ශිෂ්‍යයන් එක්දින පන්ති වර්ජනයක් සිදුකරන බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
සයිටම් ආයතනය අහෝසි කරන බව පවසා තවත් වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්, එම ආයතනය ශක්තිමත් කරගැනීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නැතිකර දමා තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා සඳහන් කළේය.
වෛද්‍ය සභාව සිදුකළ යෝජනා පැත්තකට දමා කැබිනට් මණ්ඩලය විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම ලෙස උසස්පෙළ විභාගයේ සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථයක් බවට පත්කර තිබෙන බවත්, මෙම තීරණය වහාම අවලංගු කර දැමිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවත්, එම ආයතනය වසා දමා විකල්ප ආයතනයක් ලෙස වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා හෙට (21දා) සියලුම වෛද්‍ය ශිෂ්‍යයන් පන්ති වර්ජනයක් දියත් කරන බවත්, එම ශිෂ්‍යයන් හා සයිටම් විරෝධී සිසු ජන පෙරමුණ සමග එක්ව කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් කැඳවුම්කරු සඳහන් කළේය.