ශ්‍රී ලංකා දමිළ සරණාගත සිසුවියක් ඉන්දීය රජයේ වෛද්‍ය විද්‍යාලකට ඉදිරිපත් කළ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාමින් ඉන්දීය මධ්‍යම රජයට පෙත්සමක් ගොනු කර තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි.
18 හැවිරිදි ආර්. නන්දිනී නම් මෙම තරුණිය සිය 7වැනි වසරේ විභාගයෙන් ලකුණු 1170ක් වාර්තා කර තිබුණද සරණාගත සිසුන් සඳහා වෛද්‍ය විද්‍යාලයේ ආසන හිමිනොවන නිසා ඇයගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වන කේ.එම්.සී. වෛද්‍ය විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.