සයිටම් ආයතනය රැකගැනීම සඳහා සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය අද (25දා) මධ්‍යම රාත්‍රියේ හොර රහසේ නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ කටයුතු සිදුකිරීම සඳහා අද වෛද්‍ය සභාව හදිසියේම කැඳවා ඇතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීමට වෛද්‍ය සභාව තුළ කමිටුවක් පැවැතියද, එම කමිටුව මගහැර දේශපාලනඥයන් කිහිප දෙනෙකු සහ සයිටම් හිතවාදී නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.