දකුණු කලුතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද (23දා) සවස 2.00ට පමණ වැල්ලවත්තේදී මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් පනිඩායි නැමැති 64 හැවැරදි ඉන්දීය ජාතිකයෙකි.
අන්තර් වෙළඳ සංගම් ක්‍රීඩා තරගාවලියක් සඳහා තවත් පිරිසක් සමග ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර දුම්රිය මාර්ගයේ සිට මුහුද දෙස බලා සිටියදී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.