දිවුලපිටියේ සුපිරි වෙලද සැලකින් කිරිපිටි ටින්, දන්තාලේප, සුප්කැට පැකට් සොරාගෙන ඇද සිටි ඇදුම් තුළ සගවාගෙන ති්රරෝද රථයකින් පලා යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වෙළද සැලේ හිමිකරු විසින් ලුහුබැද ගොස් අල්ලා පොලිසියට බාර දී ඇතැයි පොලීසිය කියයි. මෙයින් එක් කාන්තාවක් පලාගොස් ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.
අත්අඩංගුවට ගත සැකකාරිය හා සැකකරු මොරටුව හා පානදුර ප්රදේශයේ පදිංචි කරුවෝ වෙති. මෙම සැකකරුවන් ඊයේ (03දා) කැලණිය, මීගමුව ප්රදේශවල වෙළද සැල් කිහිපයකින් එම භාණ්ඩ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන බවත් සැකකරුවන් එළැඹෙන 9දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.