පොලිස් නිළධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදාගේ මල්ලී රුපියල් ලකෂ 20 ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී. බී. එස්. මොරායස් මහතා අද (10 දා) නියම කළේය.
චෝදනා කරමින් නඩු පවරා ඇත්තේ දෙහිවල නැදිමාල කඩවත පාරේ පදිංචි ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙවත් තාඡු නමැත්තාටය.
සැකකරුට රුපියල් ලකෂ 10 බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය. විත්තිකරුට රටින් පිටවීම තහනම් කළ විනිසුරුවරයා විත්තිකරුගේ මෙන්ම ඇපකරුවන්ගේද විදේශ ගමන් බලපත්ර අධිකරණයට බාර දීමට නියම කළේය. නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වැනිදා සිට විභාග කිරීමට නියම කළේය.