විදේශ රටක පදිංචිව ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බව කියන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තා සමග සම්බන්ධතා පවත්වාගෙන යන සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙලේ සුදා විසින් ශ්‍රී ලංකාවට එවන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 25ක් පමණ සැකකරුවන් විසින් බෙදා තිබෙන බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. බෙදාහරින ලද හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 15ක් පමණ බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද (24දා) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 04 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.