අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව නම් හෙළිදරවු වූ ප්‍රබලයන් 06 දෙනෙකු රටින් පැනයෑමට හැකි මාර්ග වසාදමා ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙලේ සුදාගෙන් මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන පුද්ගලයින් හය දෙනෙකුගේ නම් සඳහන් කර තිබෙන අතර ඔවුන් අතර දේශපාලඥයන් දෙදෙනෙකු, ආරක්ෂක අංශ, සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් 04 දෙනෙකු සිටින බවද වාර්තා වේ. 2012 වසරේ සිට විදේශ රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ සමන්ත කුමාර නමැත්තා වසර 03 ක කාලයක් තුළ හෙරොයින් කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් මෙරටට එවා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
විදේශ රටවල සිට හෙරොයින් ජාවාරම් කටයුතු සිදුකළ වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තා පාකිස්තානයේදී පසුගියදා අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට රැගෙන ආ ඔහුගෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මාස 03 ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
මෙම ප්‍රශ්න කිරීම්වලට අනුව දේශපාලඥයන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකු මොහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට තොරතුරු හෙළිවී තිබේ.
මෙම පිරිසෙන් 06 දෙනෙකු සෘජුවම මොහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට හෙළිවී තිබෙන අතර, අනෙකුත් පිරිස් විසින් වෙලේ සුදා මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීම සහ මුදල් හුවමාරු කිරීම සිදුකිරීම ඇතුළු ක්‍රියාවල නිරතවී සිටි බවද හෙළිවී ඇත.
මේ පිළිබඳව %අද^ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීමේදී ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ සහ මුදල් හුවමාරු කරගත් පිරිස සහ ඔහුගේ ජාවාරමට රැකවරණය ලබාදුන් පිරිස් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බවයි.
එම තොරතුරුවල නිවරද්‍යතාව පිළිබඳව සොයා ගැනීමෙන් පසු අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත්, ඊට සමගාමීව අදාළ පුද්ගලයන්ගේ නම් ගම් ඇතුළුව රැකියාව සිදුකළ ස්ථානය සහ තොරතුරු පිළිබඳව හෙළිකරන බවද ඒ මහතා පවසා සිටියේය.
අදාළ පුද්ගලයන්ගේ මෙරට සහ ජාත්‍යන්තරව පවතින බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂාවට ලක්කරන බවත්, දැනට නම් ගම් හෙළිවී ඇති පුද්ගලයන් විදේශගත වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.