ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්තක වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇති බව පවසමින් එය සෙයාගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පසුගියදා කළ සෝදිසි කිරීම අනුමත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
විමර්ශනයක් කළත් ඔහුගේ වත්තක තිබී වාහන සොයාගැනීමට පොලිසියට නොහැකි විය. කතානායක කරු ජයසූරිය මහතා පොලිස්පතිවරයාව පාර්ලිමේන්තුවට කැඳවමින් ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් කතානායකගේ ප්‍රකාශය ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (26දා) පාර්ලිමේන්තුවට පැවැසීය.
තමාට සිදුවූ අසාධාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ හැකි බවද සභානායකවරයා, කුමාර වෙල්ගම මන්ත්‍රිවරයාට පැවැසීය.