ගමනා ගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන වසරේ ජනවාරි මස 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියම කළාය.
මෙම නඩුවට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීම ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් වෙල්ගම මහතා කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන ඇයැදුම් පතක් ඉදිරිපත් කොට ඇති බව පවසමින් වෙල්ගම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.