ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාට අයත් බව කියන අක්කර 400ක පමණ වපසරියකින් යුත් මතුගම ඩැනිස්ටර් වත්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සෝදිසි කළේය.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් මෙම සෝදිසිය කළේය. ජනපති ලේකම් කාර්යාලයේ වාහන දෙකක් සොයා ගැනිම පිළිබඳව මෙම විමර්ශනය කළත් එහි කිසිවක් නොතිබූ බවද වාර්තා වෙයි.