දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමින් වෙන් කළ දැරිය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම ඒකකයේ ප්‍රධානී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි මහත්මිය පැවසුවාය.
මේ වන තෙක් මෙම දැරිය ආශ්වාස ප්රාශ්වාස කරනු ලැබුවේ මැෂිමක ආධාරයෙන් බව සඳහන් කළ වෛද්‍යවරිය මේ වන විට දැරිය එම උපකරණයෙන් ඉවත්කොට නිදහසේ හුස්ම ගන්නා බවද සඳහන් කළාය. දැරියට ඇගේ මව විසින් මව් කිරි ලබාදෙන බවත්, දැරියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බවත් වෛද්‍යවරිය පැවසුවාය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්