විවිධ පුද්ගලික වාසි ප්රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා ප්රතිපත්ති වෙනස්වී ඇතත් ශ්රීලනිපයේ ප්රතිපත්ති වෙනස්වී නැති බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එදත් අදත් එජාපයේ ප්රතිපත්ති වෙනස්වී නැති බවත්, වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්රතිපත්ති පමණක් බවත් ඒ නිසාම ශ්රීලනිපයේ ප්රතිපත්ති ආරක්ෂා කරන පිරිසක් සමග තමන් විපක්ෂයේ සිටින බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.