කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය සංවිධානය කර ඇති වෙද විදු දැනුමයි සුවබර දිවියයි වෛද්‍ය ප්‍රදර්ශනය මේමස 29 වැනිදා තෙක් පැවැත්වෙන අතර, විශාල ජනකායක් එය නැරඹීමට පැමිණෙන බව එහි පීඨාධිපති මහාචාර්ය නිලන්තිද සිල්වා මහත්මිය පැවසුවාය.
මෙවර වෛද්‍ය ප්‍රදර්ශනය සුවිශේෂී ආකාරයට පැවැත්වෙන අතර, මහජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් කලාප හයක් යටතේ ප්‍රදර්ශන කුටි 70 ක් ප්‍රදර්ශනයට එක්කර ඇති බවද ඇය ප්‍රකාශකළාය.
මිනිසාගේ වර්ධනය සහ විකාශනය, බෝ නොවන රෝග, බෝ වන රෝග, මානසික රෝග මෙන්ම අනතුරු පිළිබඳවද මෙහිදී විශේෂ ඒකක ස්ථාපනය කර තිබේ.
රාගම වෛද්‍ය පීඨය ස්ථාපනය කර වසර 25 ක් ගතවීම නිමිත්තෙන් ප්‍රදර්ශනය පවත්වන අතර, එදිනෙදා ජීවිතයේදී ජනතාවට වැදගත් වෛද්‍ය කරුණු අලලා එම පීඨය මගින් %වෙද විදු දැනුමයි සුවබර දිවියයි^ යනුවෙන් ග්‍රන්ථයක්ද ප්‍රකාශයට පත්කර තිබේ.
ප්‍රදර්ශනය උදෑසන 8.30 සිට විවෘතව පවතින අතර මේසඳහා මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.