නිකවැරටිය බලගොල්ල ප්‍රදේශයේ කැළෑවක් තුළ වෙඩි වැදීමෙන් පාදයක් තුවාල වූ වයස අවුරුදු 12 ක පමණ ඇතෙකුට ප්‍රතිකාර කිරීමට ගිය වනජීවී නිලධාරියෙකු එම ඇතාගේ පහරදීමට ලක්ව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ දළ ඇතාගේ පහරදීමට ලක්ව රෝහල්ගතකර ඇත්තේ එම්.මංජුල විජේපාල නැමැති වනජීවී නියාමකවරයෙකි.
තුවාල ලැබූ ඇතාගේ තුවාලය සුවවීම සඳහා ලබාදිය යුතු එන්නත් දෙක තුවක්කුවක් මගින් ලබාදීමට යාමේදී කුපිත වූ ඇතා නියාමකවරයාට පහරදී ඇත.
\
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා