දිවයින පුරා ගිනිපෙට්ටි හිඟයක්
දිවයින පුරා පවතින වෙඩි බෙහෙත් හිඟයත් සමග ගිනිපෙට්ටි නිෂ්පාදනය කිරීමට නොහැකිවීම නිසා වෙළෙඳ පොළේ පවතින ගිනිපෙට්ටි හිඟය හේතුවෙන් පාරිභෝගිකයෝ ගැටලු රැසකට මුහුණ දී සිටිති.
ගිනිපෙට්ටි නිෂ්පාදකයන් වෙළෙඳ පොළට ගිනිපෙට්ටි බෙදානොහැරීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව වෙළෙඳසැල් හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් දිවයිනේ ප්‍ර‘ධානතම ගිනිපෙට්ටි නිෂ්පාදන සමාගමක නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ ගිනිපෙට්ටි නිෂ්පාදනයට යොදා ගන්නා වෙඩි බෙහෙත් හිඟතාවක් හේතුවෙන් ගිනිපෙට්ටි නිෂ්පාදනය සති කිහිපයක් සිදුනොවීම හේතුවෙන් වෙළෙඳ පොළේ ගිනිපෙට්ටි හිඟය ඇතිවී ඇති බවයි.
ඉන්දියාවෙන් ආනයනය කළ වෙඩි බෙහෙත් තොගයක් ප්‍ර‘මිති ගැටලුවක් හේතුවෙන් ආපසු හරවා යැවූ බවත් ඒ වෙනුවට ගිනිපෙට්ටි නිෂ්පාදනයට යොදා ගන්නා වෙඩි බෙහෙත් තොගයක් චීනයෙන් මේ වනවිට ආනයනය කර ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ වෙළෙඳ පොළට අවශ්‍ය ගිනිපෙට්ටි බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

