කොළඹ කෙසෙල්වත්ත අලුත්කඩේ උසාවි සංකීරණය තුළදී සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙහිදී වෙඩි වැදුණ පුද්ගලයා හා වෙඩි තැබූ පුද්ගලයාත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.
වෙඩි තැබූ සැකකරු මහජනතාව විසින් අල්ලා පොලීසියට බාර දී ඇති අතර එහිදී ඔහු තුවාල ලබා තිබීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.