ජීප් රියකින් හෙරොයින් ප්රවාහනය කරන බවට ලද තොරතුරක් මත බණ්ඩාරගම ප්රදේශයේදී එම ජීප් නැවැත්වීමට පොලීසය ගත් උත්සාහයේදී පොලිස් අණනොතකා රිය ධාවන කිරීම හේතුවෙන් එයට වෙඩි තැබිමට පානදුර පොලීසිය කටයුතු කොට තිබේ.
වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මෙම ජීප් රථයේ කේරල ගංජා 300 ග්රෑම් ක් සහ ගංජා කිලෝවක් තිබුණු බවත්, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.