ඊයේ (24දා) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් අවිස්සාවේල්ල,පුවක්පිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයාට වෙඩි තබා වෙළඳසැලේ තිබූ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වූ දීපාල් රොෂාන් නැමති පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.