වනඡිවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනඡිවී සහකාර අධ්යක්ෂ වරු පසුගිය 24 වනදා සිට ඇරබි වෘතීය ක්‍රියා මාර්ගය නිසා රක්ෂිතයන් අසල ඡනතාවට මෙන්ම වනඡිවි දෙපාර්තුමේන්තුව තුල විශාල ගැටලු ප්‍රමාණයකට මුහුන දිමට සිදුවි ඇතැයි රාඡකාරි ආවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වෘතීය සංගමයේ ලේකම් පී.ඡී.ඩී.ඡේ.පැබොටුව මහතා අද ට පැවැසිය.
2001 වර්ෂයෙන් පසු වනඡිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට බාහිරින් හෝ අභ්‍යන්තර උසස්විම ලෙස කිසිදු සහකාර අධ්යක්ෂවරුන් බදවාගෙන නැති බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සිටියදීත් උසස් විම් ලබා නොදිම නිසා බරපතල පරිපාන ගැටලු මතු වි ඇති බවත් සුදුසුකම් සපුරා ඇති නිලධාරින්ට උසස් විම් ලබා නොදිම තුලින් එම නිලධාරින්ට විශාල අසාදාරනයක් සිදුවි ඇති බවත් සංගමය වසර ගනනාවක් තුල පෙන්වා දුන් බවත් පැබොටුව මහතා පැවැසිය.