සෙවණගල සීනි සමාගම පෞද්ගලීකරණය කිරීමේ රජයේ උත්සාහය පැහැදිලි කිරීම සඳහා ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වූ සෙවණගල සීනි සමාගමේ ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති ලලිත් සිරිපාල මහතාට පහරදීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට හිතවත් පුද්ගලයන් 20ක් පමණ පැමිණ තිබූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
පොලු මුගුරුවලින් පහරදී සිදුකළ මෙම මැර ප්‍රහාරය සම්බන්ධව පොලීසියට පැමිණිලි කළද, නීතිය හා සාමය ඇමතිවරයා මොනරාගල ආසනය බාරව සිටින බැවින් එවැනි පැමිණිල්ලක් ලැබී නැතැයි පොලීසිය පවසන බවද මන්ත්‍රීවරයා පැවසීය.