ආණ්ඩුව වෙනස් කිරීමට යැයි කියා වෘත්තීය සමිති අරගල කරන විට එමගින් පහර වැදෙන්නේ ජනතාවට බවත්, යමෙකුට ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය නම් මීළඟ මහ මැතිවරණයට තරග කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම ආණ්ඩුව පෙරළිය හැක්කේ මහ ජනතාවට පමණක් බවත්, තමන් අනාථ වූ පලියට ජනතාව අනාථ නොකරන්නැයි තමන් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා පැවසීය.
අයවැය කාරක සභා විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (10දා) මේ අදහස් දැක්වීය.
අයවැය යෝජනා පිළිබඳව ජාතික සේවක සංගමයේ බැංකු නිලධාරීන් තමා සමග සාකච්ඡා කළ බවත්, බැංකුවලින් ලීසිං පහසුකම් ඉවත් කිරීමෙන් බැංකුවල ආදායම අඩුවිය හැකි බව ඔවුන් පෙන්වා දුන් බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
එහෙත් බැංකුවල ආදායම අඩුවීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන අතර, ලීසිං ඉවත් කිරීම ඒ සඳහා බලපාන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන බව ඔවුන්ට පැවසුවේ යැයිද අගමැතිවරයා කීය.
ජනතාවට මුදල් ලැබෙන වැඩපිළිවෙළකට යාම ආණ්ඩුවේ අරමුණ යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.