ලබන වසරේ සිට රාජ්ය සේවයට එක්වන සේවකයන්ට විශ්රාම වැටුප අහිමි කිරීම ඇතුළු රාජ්ය සේවක ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් ඉදිරියේදී රාජ්ය සේවය තුළ සිදුකරන වෘත්තීය ක්රියාමාර්ග ගැනීම පිළිබඳව තීරණය කිරීමට හෙට (30දා) වෘත්තීය සමිති 50ක් රැස්වී අවසන් තීන්දුව ගන්නා බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
විශ්රාම වැටුපු අහිමි කිරීම, පොරොන්දු වූ රුපියල් 10000 මූලික වැටුපට එක් නොකිරීම, සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල එකට එකතු කිරීම, රාජ්ය බැංකු දුර්වල කිරීමට ආදායම් කප්පාදු කිරීම, මෑන් පවර් ක්රමය පිළිබඳව දුන් පොරොන්දු ක්රියාත්මක නොකිරීම වැනි දේ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතය.