බෝනස් මුදල වැඩි කරන්න යැයි ඉල්ලා වරාය පරිශ්‍රයේ පවතින්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේබව කීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් නඟන චෝදනාවලට සහ වරාය පරිශ්‍රයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
“මේ ක්‍රියාවෙන් ගණන් හදන්න තරම් පාඩුවක් වරාය අධිකාරියේ සිදුවෙලා නැහැ. මේ ක්‍රියාමාර්ගය පටන්ගත් දවසේ කළේ පැය භාලයක කාලයක් වැඩ නතර කරලා පිකටින් කරපු එක. ඒක කරන වෙලාවේ එතනට හිර වෙලා තිබුණු නෞකාව ප්‍රමාද වුණා. නමුත් නෞකාවෙන් ලැබිය යුතු ආදායම වරාය අධිකාරියට අහිමි වුණේ නැහැ. ඊට අමතරව ඒ අවස්ථාවේ කොළඹ වරායේ සෙසු පර්යන්තවලට ගිය හැම නෞකා බහලුවකින්ම වරාය අධිකාරියට ඩොලර් 4 ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. ඒ හම්බවෙන මුදල කිසිඳු වියදමකින් තොරව ලැබෙන ආදායමක්. ඒ නිසා බොහෝ පිරිස් කියන විදියේ මහා විශාල පාඩුවක් සිද්ධ වුණේ නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියන්නේ තනියෙන් යැපෙන ආයතනයක්. වරාය අධිකාරියට පුළුවන්කමක් නැහැ අලාභයක් වුණොත් රජයෙන් ආධාර ඉල්ලන්න. යම් විදියකින් අලාභ වෙලා මහා භාණ්ඩාගාරයෙන් යැපෙන තත්ත්වයකට ආවොත් මහා භාණ්ඩාගාරයට වෙන්නේ එම මුදල් මහ ජනතාවගෙන් බදු මාර්ගයෙන් අය කරන්න. ඉතිහාසයේ කවදාවත් වරාය අධිකාරිය ඒ තත්ත්නයට පත්වුණේ නැහැ. වරාය අධිකාරිය සෑම අවස්ථාවකදීම තමන්ගේ ලාභය හැටියට තමයි බෝනස් මුදල් දීලා තියෙන්නේ. අපි තීරණය කරලා තියෙන්නේ 51 888 ක ප්‍රමාණයක් ලබාදෙන්න. නමුත් ඉල්ලන්නේ 1 50 000 ක්. අපි හිතමු 1 50 000 දෙන්න ඕන කියලා. එහෙම දෙනවා නම් ඒ 1 50 000 එම වසරේ ලාභයෙන් සියයට විසි තුනක ප්‍රතිශතයක්. ලෝකේ මොනම ආයතනයක්වත් ලාභයෙන් සියයට විසි තුනක් බෝනස් වශයෙන් ගෙවන්නේ නැහැ. එහෙම ගෙව්වොත් ඒ ආයතනය බංකොලොත් වෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසි පරිදි නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳව නිත්‍යානුකූලව විනයානුකූලව ක්‍රියාකරන්න බැහැ. නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මුවාවෙන් රටේ ආර්ථීකය සහ ජන ජීවිතය කඩාකප්පල් කරනකොට වෘත්තීය සමිති මෙහෙයවන අය සියලු දෙනා වරාය අධිකාරියේ සේවකයො නිසා ඒගොල්ලෝ විනය මාලාවේ නීතිවලට අනුගත වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේවා මෙහෙයවන සහ ඒ ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන සෑම අයෙකුටම විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන්න. ඉදිරි කාලයේදී ඒ විනයානුකූලව ක්‍රියා ගන්න සිදුවෙනවා....” යැයිද කළමනාකරණ අධ්යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.