ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බළසේනාවේ උපසේවය සඳහා විවිධ ක්ෂේත්රවල නිරත වෘත්තිකයන් බඳවාගැනීමට තීරණය කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඊයේ (11දා) පැවසීය.
වයස අවුරුදු 18 - 55 අතරේ පසුවන වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥයන්, ගණකාධිකාරීවරුන්, වැවිලිකරුවන්, මිනින්දෝරුවන්, හෙදියන්, උත්සව සංවිධායකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් ඇතුළු වෘත්තීන්වල යෙදෙන්නන්ට හමුදාවට එක්වීමට මෙමගින් අවස්ථාව සලසා තිබේ.