වලංගු වීසා බලපත්රයක් හා විදේශ ගමන් බලපත්රයක් නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද (11දා) අලුයම කොල්ලුපිටියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් 46 හා 52 වැනි වියෙහි පසුවන්නන් බවද පොලීසිය පවසයි.