රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් කෝටියකට අධික මුදලක් අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇප මත නිදහස් කීරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
පොදු දේපළ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සරත් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ 2.5ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කරනු ලැබීය.
මේ අතර වාහනයක් ලබාදෙන බව පවසමින් පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ 54ක් ලබාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාළව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් හා රුපියල් ලකෂ5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (16දා) නියෝග කළාය.