www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වීදි කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ පළමු පියවර තැබූ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ නිර්මාණකරණයේ යෙදෙන වීදි කලාකරුවන් 58 දෙනෙකුට අද (08දා) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් හැඳුනුම්පත් නිකුත් කරන ලද අතර, ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ රටේ වීදි කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාම තමයි මගේ උත්සාහය. එහි පළමු පියවර විදියට තමයි වසර 16 ක ඉඳලා මේ ස්ථානයේ ඉන්න කලාකරුවන්ට පළමුවරට අද මේ හැඳුනුම්පත් ලැබෙන්නේ.
ඊට අමතරව සෑම මාසයකම අවසන් සති අන්තයේ ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් පවත්වන්න, කොළඹ නගරයේ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්රචාරක පුවරු ඉදිකරන්න, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි අංග රාශියක් සැලසුම් කර තිබෙනවා” යනුවෙන් කියා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd