රජයේ සහතික මිලට වී ලබාගැනීම යටතේ මේ වනවිට වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගෙන තිබෙන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කරයි.
සම්බා වී කිලෝවක් රුපියල් 50 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 45 ක සහතික මිලකට වී මිලදී ගැනීම සිදුකරන අතර, මෙම මිල ගණන් යටතේ වී කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.
රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අඩු පොලී මුදලකට සුරැකුම්පත් රහිත ණය යෝජිත ක්‍රමය යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමට කටයුතු කරන බවද ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කරයි.