විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත හා කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් එම පනත් ඔක්තෝම්බර් මස තුන්වන සතියේදී පාර්ලිමේන්තුවේදි සම්මත කර ගැනීමට නියමිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අද (7දා) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
"මේ පනත් පිළිබදව පසුගිය කාලයේ විවිධ දුර්මත පැතිර ගියා .එහෙත් ඒවා සියල්ලක්ම වාගේ නිවැරදි කිරීමට අපිට හැකි වුණා .මෙම පනත් දෙක සියළු නිකායවල ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනාවලට අනුව මහා සංඝරත්නයට අවශ්‍ය ලෙස බුද්ධ ශාසනයේ චිර පැවැත්ම ආරක්ෂා වෙන පරිදි සකස් කර ඇති බව කිව යුතුයි." යැයි ඔහු පැවැසීය.