කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය මන්දිරය උසස් තත්ත්වයේ පහසුකම් සහ සේවා සැපයෙන කුඩා හෝටලයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉහළ මට්ටමේ සංචාරකයන් හා සුවිශේෂී අමුත්තන් ඉලක්ක කරගනිමින් නවාතැන් පහසුකම් ඇතුළු උසස් තත්ත්වයේ සේවා සපයන සුවිශේෂ අනන්‍යතාවකින් යුත් කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස විසුම්පාය සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම ගොඩනැගිල්ල මේ වනවිට ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ අවශ්‍යතාවද රජය පෙන්වාදෙයි.
යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය පළමුව'ඇක්ලන්ඩ් හවුස්' ලෙසද, පසුවවිසුම්පාය ලෙසින්ද හඳුන්වනු ලැබිණි.