20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සම්බන්ධව බස්නාහිර පළාත් සභාව එකඟ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද(30දා) පැවසීය.
එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව තමා ඉතා අගය කරන බවද,පසුගිය කාලය තුළදී පළාත් සභා ඡන්ද විමසීම්වලදී ජයග්‍රහණ ලබාගත් නමුදු එමගින් ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු නොවූ බවද එමගින් දන්වා සිටි බව මහඇමතිවරයා සඳහන් කළේය.
එහෙත් පළාත් සභාවල බලය පාර්ලිමේන්තුවට පැවරීමේ වගන්තියට එකඟ නොවන බවද,පළාත් සභා කාලසීමාව අවසන් වීමට පෙර විසුරුවා හැරීමට විරුද්ධයැයිද ජනාධිපතිවරයාට දන්වා සිටි බවඒ මහතා ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ (ශ්‍රාවස්ති මන්දියේදී) පැවැති මාධ්‍ය හමුවකදී ඉසුර දේවප්‍රිය මහතා මේ බව කියා සිටියේය.