සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (12දා) සබරගමුව පළාත් සභාවේදීත් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 29ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබිණ. ඒ අනුව වැඩි ඡන්ද 21කින් පනත සම්මත විය. මීට ඉහතදී නැගෙනහිර පළාත් සභාවේදී හා බස්නාහිර පළාත් සභාවේදී පනත සම්මත විය.