නැගෙනහිර පළාත් සභාවට අද (11දා) ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 16කින් සභා සම්මත විය. මෙම පනත් කෙටුම්පත සභා සම්මත කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය මෙහිදී සහාය දැක්වීම විශේෂත්වයකි.
නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා විසින් සභාව කැඳවනු ලැබීමේ සීනුව නාද කිරීමෙන් පසු ඝණ පූර්ණය නොමැතී විමෙන් සභාව අවස්ථා දෙකකදී කල්දැමිණි. පසුව පස්වරුවේ සභාව ආරම්භ කිරීමෙන් පසු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව උණුසුම්කාරී තත්ත්වයක් මධ්‍ය‘යේ පැවැති ඡන්ද විමසීමේදී 20 වැනි සංශෝධනයට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වූ 23 දෙනෙක් හා විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂයේ සිට ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කේ.පී. ප්‍රියන්ත පතිරණ මහතාය. පනතට විරුද්ධව ඡන්ද 08ක් ලැබුණු අතර, මේ අනුව වැඩි ඡන්ද 16කින් පනත සභා සම්මත විය.
ත්‍රිකුණාමලය අමරජීව