ලබන වසර සඳහා (2017) රජයේ වියදම් ඇතුළත් කර සකස්කළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ඇතුළුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් කෝටි 181,905කි.
අමාත්‍යාංශ අතරින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි 28,404කි.
ජනාධිපතිවරයා සඳහා රුපියල් කෝටි 645ක්ද, අගමැති කාර්යාලය සඳහා රුපියල් කෝටි 125ක්ද ලබන වසර සඳහා වෙන්කර තිබේ.
පුනරාවර්තන වියදම් දෙස අවධානය යොමුකිරීමේදී වැඩිම පුනරාවර්තන මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි 25,180කි.
අඩුම පුනරාවර්තන මුදලක් වෙන්කර ඇත්තේ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයට වන අතර එම මුදල රුපියල් කෝටි 6.5කි.
පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ මුළු වියදම් සඳහා රුපියල් කෝටි 194,140ක් වෙන්කර තිබුණු අතර, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 30,660ක් වෙන් කර තිබිණි.
2016 වසරට අදාළව පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාගේ වැයශීර්ශය සඳහා රුපියල් කෝටි 230ක්ද, අගමැතිවරයාගේ වැයශිර්ෂය සඳහා රුපියල් කෝටි 40ක්ද වෙන්කර තිබිණි.