පාවිච්චියට නොගන්නා ලද පංතිකාමරයක් පිරිසිදු කිරීමේදී දූවිලි හා විස ද්‍රව්‍යයක් ශරීර ගත වීමෙන් මහියංගනය ජාතික පාසලේ 05 සහ 06 වසරවල ඉගනුම ලබන සිසු සිසුවියන් 38 දෙනෙකු හදිසියේ රෝගාතුරවී මහියංගනය මූලික රෝහලට ඊයේ (07දා) ඇතුළත් කර ඇත.
පොලීසිය සඳහන් කළේ මෙම සිසුන් අතරින් සිසුන් 31 දෙනෙකු ප්රථීකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. එසේම සිසුවියන් 7 දෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්රථීකාර ලබන බවත් පොලීසිය කියයි.